පොත ගැන


මව මිය ගිය පසු තම පුංචි අම්මා සහ බාප්පා සමග ජීවත් වීමට ජැමෙයිකා තානායමට යන මේරි යෙලන්ට අත්භූත ,අභිරහස් සිදුවීම් පෙලකට මුහුණ දීමට සිදුවෙයි. මේරි සෙමෙන් එම නිවසෙහි සැඟවුනු සත්‍ය වටහා ගන්නා අතර ඇය සහ ඇගේ පුංචි අම්මා මහත් දරුණු අන්තරායක පැටලී ඇති බව අවබෝධ කර ගනීයි.


ඇයට ඇයවත් පුංචි අම්මාවත් මින් ගලවාගත හැකි වේද?

4/01/2013

2 වන කොටස- මේරි තානායමට පැමිණෙයි!


 සුවපහසු,සුරක්ශිත නිවෙස්,එහෙ මෙහෙ දිවෙන ලන්තෑරුම් එලි හා සුලග කපාගෙන රාත්‍රී ආහාරය සදහා නිවෙස් කරා යන මිනිසුන්ගේ බොද වී යන ඡායාවන්පසු කරමින් අශ්ව කරත්තය ඉදිරියට ගමන් කරන්නට විය.දැන් අශ්වයින් නගරයෙන් එපිටට පිහිටි අධික බෑවුමක් සහිත කන්දක් තරණය කරමින් සිටියෝය. අශව කරත්තයේ පිටුපස ඇති ජනේලයෙන් බලාසිටින්නට වූ මේරිට බොඩ්මින්හී කුඩා ආලොකයන් හෙමිහිට අතුරුදන් වී යන අයුරු දැක ගත හැකි විය.අවසාන ආලෝකයත් නොපෙනී ගිය පසු මේරි, වැස්ස හා කුණාටුව සමග ඇයත් ඇගේ ගමනාන්තයත් අතර සැතපුම් 12ක් දුරට පැවති අදුරු හිස් විල්ලුවේ තනිවිය. වෙවුලුම් කමින් දෙදරන අශ්ව කරත්තයේ දෙපැත්තට පැද්දෙමින් ඇය එක් කොනක ගුලි වී සිටියාය.මග දෙපස පැවති පිටිසරබද ස්වභාවය මහත් වූ හිස් අවකාශය මගින් ගිලගනු ලැබ තිබිනි.ගස් කොලන්,අඩි පාරවල් හෝ නිවාස වත් නොමැතිව කාන්තාරයක් මෙන් සැතපුම් ගනනක් දුරට පැතිරුනු අදුරු හිස් විල්ලුව නොපෙනෙන ක්ශිතිජ ඉම කරා යාවෙමින් පැවතින.

 කිසිදු මනුශ්‍ය ප්‍රාණියෙක් මෙම දේශය තුල වාසය කරන්නේ කෙසේදැයි මේරි පුදුම වූවාය.වාසය කලත් ඔවුන් අනෙක් මිනිසුන් මෙන් විය නොහැක. කුඩා ලමුන් උපතේදීම ඇදව ගොස් ඇති ශරීර වලින් යුතු වනු ඇත්තේ සුලගේ බලපෑමෙන් නැමුනු ඇඹරුනු කුඩා පදුරු මෙනි.ඔවුන්ගේ මනසද එමෙන් ව්‍යාකූල වී ඇති බව නිසැකය.ගස්,රළු ගල් කුලු හා පදුරු සමග ජීවත් වන්නාක් මෙන් ඔවුන්ගේ අදහස් හා සිතුම් පැතුම් නපුරු ද්වේශ සහගත ඒවා බවට සැක නැත.

ඇය වීදුරුව ඔසවා ජනේලයෙන් පිටත බැලුවාය.ඈට ඉදිරියෙන් ඈතින් වම්පස කදුගැටයක්  මුදුනේ යම් ගොඩනැගිල්ලක් නැගීසිටිනු දැකගත හැකිවිය.ඇයට එහි වූ උස් දුම් කවුලු කලුවරේ වුවද දැකගත හැකිවිය.ඒ අව්ට වෙනත් කිසිදු නිවසක් නොවීය.තනිව,මාරුතයෙන් අනාරක්ශිතව නැගී සිටින්නට වූ එම නිවස ජැමෙයිකා තානායමද?
අශ්වයින් නතරකරන ලද්දෙන් උන්ගේ උණුසුම් තෙත සිරුරු වලින් දහඩිය, වාශ්ප වලාවන් ලෙස පිට වන්නට විය.

රියදුරා ඔහුගේ අසුනින් බැස ඇයගේ ඇදුම් පෙට්ටිය ඔසවාගෙන ආවේය.ඔහු ඔහුගේ උරහිසට උඩින් නිවස දෙස බලමින් සිටි අතර මහත් කලබලයකින් සිටිනා වග පෙනෙන්නට විය.

"ඔන්න ඔයා කියපු තැන" ඔහු කීවේය."අර පේන වත්තෙන් එහා පැත්තෙ.ඔයා දොරට ගැහුවොත් ඒගොල්ලො ඇවිත් ඔයා පිලිගනීවි.මම දැන් යන්න ඕනා.නැත්නම් මට ලොන්ස්ටන් වලට අද රැම යාගන්න බැරි වෙයි"

ඉන් මොහොතකට පසු අශ්ව කරත්තය පාරෙහි ඉදිරියට ඇදී යන අයුරු දැක ගත හැකි විය.එය කවරදාකවත් එහි නොතිබූ ලෙස අතුරුදන් වූයේ අදුර විසින් එය ගිලගත් ලෙසක් මවා පාමිනි.

මේරි ඇගේ ඇදුම් පෙට්ටිය අතින් ගෙන තනිව එහි හිටගෙන සිටියාය.ඇයට පිටුපසින් වූ අදුරු නිවසේ දොරගුලු ඇරෙන හඩ ඇයට අසුනු අතර එය තල්ලුවි ඇරුනේය.විශාල රූපකායක් ඉන් පිටතට පැමින වත්තට ඇවිද ආ අතර ඒ සමග ආලෝකයක් දෙපැත්තට වැනෙමින් ඉදිරියට ආවේය.

"කවුද ඔතන?"යි කෑගසන හඩ ඇසිනි. "මොනවද ඕන ඔහේට"

මේරි ඉදිරියට යමින් මිනිසාගේ මුහුන දෙස බැලුවාය.එලියක් ඇයගේ ඇස් වලට ලන් කෙරුනු අතර ඇයට කිසිවක් දැකගත හැකිවූයේ නැත.

"ඔහ්,මේ ඔයායි එහෙනම්" ඔහු කීවේය."ඔයා එහෙනම් ආවා අන්තිමට.මම ඔයාගේ බාප්පා.ජොස් මර්ලින්.ජැමෙයිකා තානායමට සාදරයෙන් පිලිගන්නවා"

 ඔහු සිනාසෙමින් ඇයව නිවසේ දොරකඩට ඇදගත් අතර දොර වසා දමමින් ලන්තැරුම් එලිය පැසේජයෙහි වූ මේසය මත තැබුවේය.ඉන් පසු ඔවුන් එකිනෙකා දෙස බලා සිටින්නට විය.


---මතු සම්බන්ධයි--

No comments:

Post a Comment